පසුගිය සති කිහිපයේදී අනාවරණය වූ දේ දෙස බැලීමේදී ආරක්ෂක අංශ හා එල් ටී ටී ය අතර ඇතිවු නවතම වාතාවරණය ප‍්‍රධාන කරුණු 3 කට ලඝුකර දැක්විය හැකිය.
පළමුවැන්න නම් එල් ටී ටී ය හා ඊට සහය දක්වන සංවිධාන හා පුද්ගලයින් එල් ටී ටී යට යළි පණදීමේ සූදානමකින් පසුවන බවයි.දෙවැන්න වන්නේ එවැනි දෙයක් සිදුවීම වැළැක්වීමට අන්තර්ජාතික තලයෙන් එල්ල විය හැකි විරෝධය කුමන ආකාරයේ දෙයක් වුවත් දැඩි පියවර ගැනීමට ආරක්ෂක අංශ සූදානමින් සිටීමයි.තෙවැන්න වන්නේ ආරක්ෂක අංශ ඉතා හොඳින් සංවිධානය වී තිබීම නිසා එල් ටී ටී යේ නැවත නැඟිටීමක් ඉතා දැඩි ලෙස මැඩපැවැත්වීමට හැකියාව තිබීමයි.
පසුගිය සතියේ මෙම තීරුවෙන් කිළිනොච්චියේ ධර්මපුරම් හි වෙඩිතැබීමේ සිදුවීමක් පිළිබඳවත් ගෝබි නම් එල් ටී ටී ඊ සාමාජිකයකු සොයා ආරක්ෂක අංශ ඇරැඹු මෙහෙයුම් පිළිබඳවත් එල් ටී ටී යේ නැවත නැඟීටීමක්යැයි පෙනෙන සුළු අවස්ථාවක් හෝ ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශ ගෙන ඇති හා ගන්නා පියවරයනුත් දැක්වුනි.ඒ කෙසේ වුවත් ආරක්ෂක අංශ මේ ආකාරයට කටයුතු නොකරන්නේ නම් කෙතරම් බරපතල වාතාවරණයක් ඇතිවිය හැකිව තිබුණේදැයි රටේ ජනතාවට තවමත් හරිහැටි අවබෝධයක් නොමැති බවක් පෙනේ.
විවිධ දේශපාලන මතිමතාන්තර දරන්නවුන් එල් ටී ටී යේ නැවත නැඟිටීම සම්බන්ධයෙන් සිතාමතා හෝ නොදැනුවත්ව හෝ වැඩි උනන්දුවක් නොදක්වන බවක් දැකගතහැකිවුවත් හදිසියේවත් එල් ටී ටී ඊ සංවිධානය යළි පණ ලැබුවේ නම් හෝ යළි පණ ලැබීමට සාර්ථක වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණේ නම් එයින් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාකයන් රටට ඉතා හානිකර වීමට හැකිව තිබුණි.
නමුත් වාසනාවකට මෙන් ආරක්ෂක අංශ වල කි‍්‍රයාකාරීතවය නිසා එල් ටී ටි යේ එවැනි කි‍්‍රයාකාරකම් මව්කුසයෙන් එළි බැසීමට ප‍්‍රථම කළල අවධියේම විනාශ කර දැමීමට හැකිව තිබෙන සෙයක් වර්තමානයේ දැකගත හැකිය.එසේ නමුත් ආරක්ෂක අංශ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙතියි සැක කෙරෙන ඇතැම් ප‍්‍රදේශ වල දිගින් දිගටම මෙහෙයුම් සිදුකරමින් සිටී.
විශ්වාස කටයුතු ආරක්ෂක අංශ ආරංචි මාර්ග වලට අනුව එල් ටී ටී යේ නැවත නැගිටීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු වලින් කොළඹ නගරයේ කිරීමට නියමිතව තිබෙන ඝාතන තැතක් පිළිබදව තොරතුරු හෙළිව තිබේ.
ඉලක්කය වනු ඇති බවට සැකකෙරෙන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතාය.මෙවන් සැළසුමක් සකස් කර ගැනීමට එල් ටී ටී ඊ සංවිධානයට නැවත පණ දීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට හා වෙනත් සංවිධාන වලට මංපාදා තිබෙන වාතාවරණය මෙසේ පෙන්වා දිය හැකිය.
කොළඹ
2009 වසරේ මැයි මාසයේදී මුලතිව් මුල්ලිවායික්කාල් හිදී ඇතිවුණු අවසන් ගැටුමින් පසු රටේ සාමකාමි වාතාවරණයක් ඇතිව තිබෙන හෙයින් කොළඹ නගරයේ ආරක්ෂක විධිවිධානයන් සෑහෙන පමණ ලිහිල් කර ඇති දෙයක් දැකගත හැකිය.මේ වාතාවරණය තම වාසියට භාවිතා කර කිසිවෙකුත් නොසිතන වේලාවක ක්ෂණික ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඇත.
එල් ටී ටී ඊ සංවිධානය දැනට සිටින දුර්වල තත්ත්වය දෙස බැලීමේදී ඔවුනට කොළඹ නගරයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට තරම් අවශ්‍ය පුද්ගල හෝ ද්‍රව්‍යමය සම්පත් යන දෙකම අවශ්‍ය පමණට නොමැති බව නිගමනය කළ හැකිය.එසේවුවත් දැනට තිබෙන ඒ සියල්ල එකතුකරගෙන එක් ප‍්‍රහාරයක් කොළඹ නරගයට එල්ල කිරීමට එල් ටී ටී සංවිධානය කටයුතු කරනු ඇතැයි සිතුවහොත් එවන් ප‍්‍රහාරයකට පසු නැවත පෙර පරිදිම කොළඹ ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ නොඅනුමානවම පියවර ගැනීම තිබෙන සියලූ සම්පත් යොදාගෙන එක් ප‍්‍රහාරයක් පමණක් එල්ල කිරීමට සැළසුම් කරන එල් ටී ටී ඊ සංවිධානයට අවාසි සහගත වාතාවරණයක් වනු ඇති බව හඳුනාගත හැකිය.
මෙනිසා එල් ටී ටී ඊ සංවිධානය උත්සාහ කරනු ඇත්තේ ඉහළ වටිනාකමකින් යුත් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් එල්ල කර ප‍්‍රහාරයක් එල්ල කිරීමටය.මක්නිසාද යත් සුළු ප‍්‍රහාරයක් එල්ල කළ සැනෙන් කි‍්‍රයාත්මක වන ආරක්ෂක අංශ රටේ වැදගත් ස්ථාන හා පුද්ගලයින් වටා ආරක්ෂාව දැඩි සේ තර කිරීමටත් එල් ටී ටී ඊ සංවිධානයේ නැවත නැඟිටීමේ මූලාංකුරයන් සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට පටන් ගැනීමත් තම අනාගත සැළසුම් කි‍්‍රයාවට නැංවීමට යාමේදී එල් ටී ටී ඊ සංවිධානයට දැඩිසේ අවාසි සහගත වනු ඇති බැවිනි.
මෙනිසා දැනට ඉතා දුර්වල කළල අවධියක සිටින එල් ටී ටී ඊ සංවිධානය තමන් දැනට සතු සියලූ සම්පත් එක් රැස් කර ප‍්‍රහාරයක් එල්ල කිරීමට යන්නේ නම් එය ඉතා වැදගත් පුද්ගලයෙකු ඉලක්ක කර විය යුතුය.මෙනිසා ඔවුන්ගේ ඉලක්ක ලැයිස්තුවේ ඉහළින්ම සිටිනු ඇත්තේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි දෙවරක් නොසිතාම නිගමනය කළ හැකිය.
ජනපතිවරයා හෝ ඔහුගේ සොයුරු ආරක්ෂක ලේකම් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් එල් ටී ටී යට නව පණක් ලැබෙනු ඇත.දේශපාලනමය වශයෙන් ඔවුන් යළිත් ශක්තිමත් වනු ඇති අතර එල් ටී ටී ය මුළුමනින්ම අක්‍රීය ඇතැයි ගොඩනැගී ඇති මතය බිද දැමීමට ඔවුනට හැකිවනු ඇත.
තවද දෙමළ ඩයස්පෝරාවෙන් පෙර කි‍්‍රයාකාරී සමයේදී ලද සැළකිල්ල යළි දිනාගැනීමටත් එල් ටී ටී ඊ සංවිධානයට මෙය හොඳ අවස්ථාවකි.මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා යනු එල් ටී ටී ය හා දෙමළ ඩයස්පෝරාව එකසේ පිළිකෙව් කරන පුද්ගලයින් දෙදෙනෙකු බැවින් එවන් ඉතා ඉහළ තලයේ පුද්ගලයෙකුට ප‍්‍රහාරයක් එල්ල කිරීමට එල් ටී ටී යට තවමත් හැකියාව ඇතැයි මතයක් ගොඩනැගිමට හැකිවන්නේ නම් එය ඩයස්පෝරාවට මෙන්ම එල් ටී ටී ඊ සංවිධානයටත් මහත් ශක්තියක්ම වනු ඇත.ආධාකරුවන්ගේ ආශිර්වාදය නොමඳවම ඔවුන් වෙත ලැබී ඩයස්පෝරාවේ බැංකු ගිණුම්ද යළි තරවනු ඇත.
ප‍්‍රතිවිපාක
එවන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් රටේ ජනතාව පසුගාමි වනවා නොවැළැක්විය හැකිවන්නේය.රටේ පාලන තන්ත‍්‍රය හා අනෙකුත් දේශපාලන ප‍්‍රවාහයන් අතර මේ දක්වා පැවති සමතුලිතභාවය බිද වැටී රට අස්ථාවර වනවා නොවැළැක්විය හැකිවන්නේය.
වඩාත්ම බරපතල කාරණය වනු ඇත්තේ රටේ දෙමළ ජනතාවට එරෙහිව නැගී සිටීමට සිංහල ජනතාව පෙළ ගැසීමේ ඉඩ කඩයි.එල් ටී ටී සංවිධානයටත් එයට පණ දීමට දඟලන පුද්ගලයින්ට හා වෙනත් සංවිධාන වලටත් දෙමළ ඩයස්පෝරාවටත් අවශ්‍ය වන්නේද මෙයයි.එල් ටී ටී සංවිධානය පණ අදිමින් හෝ එල්ල කරන ප‍්‍රහාරයක් සාර්ථක වන්නේ නම් මෙවන් වාතාවරණයක් රටෙහි ඉබේම ඇතිවනු ඇත.
නායකයින් හා ඉහළ තලයේ පුද්ගලයින් ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීම එල් ටී ටී යේ ලක්ෂණයයි.එල් ටී ටී ඊ සංවිධානයට කිසියම් ආයතනයක්,වෙනත් සංවිධානයක් විනාශ කිරීමට හෝ එහි පාලනය අතට ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔවුන් කරන්නේ එම සංවිධාන වල හෝ ආයතන වල සේවය කරන්නන් පසුපස නොයා ඒවායේ නායකයින් හෝ ඉහළ තලයේ පුද්ගලයින් ඉලක්ක කර ප‍්‍රහාරයන් එල්ල කිරීමයි.විශේෂයෙන් මුළු මහත් සංවිධානයම හෝ ආයතනයම හෝ ගන්නා තීන්දු තීරණ වලදී වැදගත්වන පුද්ගලයින් එල් ටී ටී ඊ සංවිධානය තම ගොදුරු ලෙස තෝරාගනු ලබයි.එවන් පුද්ගලයෙකුගේ අඩුව පිරවීමට නොහැකි වන සංවිධානයක් හෝ ආයතනයක් කඩාවැටීමට,අකාර්යක්ෂම විමට හෝ බොහෝ අවස්ථාවන් වලදී එල් ටී ටී යේ රූකඩයක් බවට පත්වීමට හේතුවේ.
යුද ගැටුම් වලදීත් එල් ටී ටී ය මෙම න්‍යායටම කටයුතු කරනු හඳුනාගත හැකි විය.විශේෂයෙන් යුද්ධයේ 2005 වසරින් පසු සමයේ එල් ටී ටී ය සිටියේ පුද්ගලයින් හා අවි ආයුද අතින් කොහෙත්ම ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ හා සමනොවන තත්ත්වයකය.
මෙනිසා ඔවුන් කළේ වැදගත් යුදමය ඉලක්කයක් තෝරාගෙන තමන් සතු සියලූ සම්පත් එක්රැස්කරගෙන තෝරාගත් ඉලක්කය වෙත ක්ෂණික ප‍්‍රහාරයක් එල්ල කිරීමයි.ක්ෂණිකව එල්ල වන ප‍්‍රහාරයක් බැවින් ආරක්ෂක අංශ සාමාජිකයින්ද කලබලයට පත්වන අතර එල් ටී ටී යට අවශ්‍ය වන්නේද එයමය.මෙසේ සාර්ථක ප‍්‍රහාර කිහිපයක්ම ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර එල්ල කිරීමට එල් ටී ටී ය එසමයේ සමත් විය.මෙනිසා ආරක්ෂක අංශ වල එල් ටී ටී ඊ සංවිධානය යනු මනා පුහුණුව ලද පුද්ගලයින් සිටින හොඳින් සන්නද්ධව ඇති සංවිධානයක් යැයි මතයක්ද ගොඩනැගුණි.මෙය ආරක්ෂක අංශ සාමාජිකයින් අධෛර්යමත් කිරීමට සමත් විය.
1986 මස දෙසැම්බර් මාසයේදී ඊ පී ආර් එල් එෆ් සංවිධානයට පහර දීමට එල් ටී ටී ය භාවිතා කළේත් මේ කි‍්‍රයාවලියමයි.
උතුරේ ඊපීආර්එල්එෆ් සංවිධානයට වඩා හොදින් සංවිධානයවී සිටි හා ගණනින් වැඩි සාමාජිකයින් පිරිසක් සිටි එල් ටී ටී ඊ සංවිධානය නොනවත්වාම ප‍්‍රහාරයන් එල්ල කිරීමෙන් උතුරේ ඊපීආර්එල්රෆ් සංවිධානය අඩපණ කිරීමට සමත්වූවත් නැගෙනහිර තත්ත්වය ඊට සම නොවුනි.නැගෙනහිර වැඩි බලයක් හිමිව තිබුණේ ඊපීආර්එල්එෆ් සංවිධානයට වන අතර ඔවුන් විශාල ප‍්‍රදේශයක විසිරී පැතිර සිටියේය.
ප‍්‍රධාන කඳවුරු
එල් ටී ටී ය ඊපීආර්එල්එෆ් සංවිධානයට නැගෙනහිර ඇති බලය ගැන හොඳින් දැන සිටියේය. මේනිසා සැලැසුම් සහගත ප‍්‍රහාරයක් එල්ල කිරීමට යත්න දැරීය.නැගෙනහිර පිහිටි ඊපීආර්එල්එෆ් සංවිධානයේ ප‍්‍රධාන කඳවුරු 3 ක් තෝරාගත් එල් ටී ටී ය තමන් සතු සීමා සහිත පුද්ගල හා ද්‍රව්‍යමය සම්පත්ද එක්රැස්කරගෙන ඒවාට නොනවත්වාම ප‍්‍රහාර එල්ල කිරීම ඇරඹිය.අම්පාර දිස්ති‍්‍රක්කයේ තම්බිලූවිල්,මඩකළපු දිස්ති‍්‍රක්කයේ කොක්අඩිචෝලෙයි,ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ සාම්බාල්තිවූ යන ප‍්‍රදේශ වල පිහිටා තිබූ මෙම කදවුරු 3 කට එකවර ප‍්‍රහාර එල්ල කළ එල් ටී ටී ය ඒවා බිද හෙළීමට සමත්විය.
ප‍්‍රධාන කදවුරු 3 නම බිද වැටුණු තැන නැගෙනහිර සිටි ඊපීආර්එල්එෆ් සංවිධානයේ සාමාජිකයින්ට යනඑන මං නැතිවිය.ඔවුන් එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයින්ට වඩා ගණනින් වැඩි අගයක සිටියද ‘‘හිස‘‘ සිදී තිබුණු බැවින් ඔවුන් සිටියේ ඉදිරියට කළයුතු දේ සිතාගැනීමට නොහැකි තත්ත්වයකය.
ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර එල් ටී ටී ය එල්ල කිරීමට සැළසුම් කරන ප‍්‍රහාරයද අතීතයේ එල් ටී ටී ය භාවිතා කළ න්‍යායයන් හා ප‍්‍රහාර විදි භාවිතා කොට සකස් කරමින් තිබෙන බව සඳහන්ය.
ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශ වලින් පහර කා අඩපණව සිටින එල් ටී ටී ය දැන් සිටින්නේ යළි නැගිටින්නට තැත් දරමින්ය.සංවිධානය සතු අසීමාන්තික සම්පත් ගැන සැළකීමේදී ශී‍්‍රලංකාවේ එල් ටී ටී ඊ සංවිධානයට යළි පණ දීමේ කාර්යය කරට ගෙන තිබෙන ගෝබි ද මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ අරමුණ ඇතිව සිදුකරන ප‍්‍රහාරයක් ගැන සිහින දකිමින් සිට ඇති බවද හෙළිව ඇත.නමුත් ඒ සියල්ල සැළසුම් සකස්කරන අවදියේදීම හදුනාගෙන මුලින් උදුරා දැමිමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
අනාවරණයවී ඇති තොරතුරු අනුව ගෝබි සිහින දකිමින් සිටි ප‍්‍රහාරය සැළසුම් කිරීමට තෝරාගෙන තිබූ ගොඩනැගිල්ල වෙත කඩා පැන එය සෝදිසි කිරීමට ආරක්ෂක අංශ සමත් විය.මෙය දෙහිවල ප‍්‍රදේශයේ පිහිටි බේකරියකි.එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලූදෙනාම ත‍්‍රස්ත විරෝධී පණත ප‍්‍රකාරව ආරක්ෂක අංශ භාරයේ රදවා තබාගෙන සිටී.ඔවුන්ගෙන් 10 දෙනෙක් බූස්ස නාවික හමුදා කදවුරේ රදවාගෙන ප‍්‍රශ්න කිරීමට ලක් වී සිටිති. ඉන් දෙදෙනෙකු කොළඹ පොලිස් මූලස්ථානයේ දෙවැනි මහලේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රදවා තබාගෙන දැඩි ප‍්‍රශ්න කිරීම් වලට ලක්කෙරෙමින් තිබෙන බව සදහන්ය.
දෙහිවල
අත්අඩංගුවට ගත් අයගේත් ඇතැමෙක් අහිංසකයින් බව හෙළිව තිබෙන අතර ඔවුන් තම සගයින්ගේ සැළසුම් පිළිඳව කිසිත් දැන නොසිටියේය.එල් ටී ටී ඊ සංවිධානය කටයුතු කරන්නේත් එහි සාමාජිකයින් වුවත් වැඩි පමණට සංවිධානයේ තොරතුරු දැනගැනීම අනවශ්‍ය යැයි සළකන පදනමක පිහිටා සිටි බැවින් මෙම පුද්ගලයින්ගෙන් වැඩි ප‍්‍රයෝජනයක් නැතැයි ආරක්ෂක අංශ අදහස් දක්වයි.
රහසිගත කුටියට කඩා පැන කෙරුණු මෙහෙයුමින් පසු එල් ටී ටී ඊ සංවිධානය යළි පණ දීමට ඉදිරිපත්ව සිටි කොළඹ ආධාරකරුවන් යළි අදුරට පලාගිය බවක් පෙනේ.
සිදුකරෙගන යන පරීක්ෂණ වලින් හෙළිවී තිබෙන්නේ කොළඹ එල් ටී ටී ආධාරකරුවන් එක්රැස් කිරීමට,ප‍්‍රහාර සැළසුම් කිරීම සදහා ගොඩනැගිල්ලක් තෝරාගැනීමට කටයුතු කර ඇත්තේ අන් කිසිවෙකු නොව එල් ටී ටී ඊ සංවිධානයට යළි පණ දීමට කටයුතු කරමින් සිටිනා 31 හැවිරිදි පොනන්යියා සෙල්වනායගම් කජීබන් හෙවත් ගෝබි බවයි.පෙර අවස්ථාවේ සදහන් කර තිබූ පරිදි අඩි 6 ක් උස තලෙළු පැහැ ගෝබිමේ වම් උඩුතොලේ කැපුම් පහරකි.
සළකුණු ඇති මේ පුද්ගලයා එල් ටී ටී ඊ සංවිධානයේ කි‍්‍රයාකාරී අවධියේ ෂන්මුගලින්ගම් සිවසන්ගරන් හෙවත් පොට්ටු අම්මාන්ගේ සෘජු අධිීක්ෂණය යටතේ බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස සේවය කර ඇත්තෙකි.යුද්ධයේ අවසන් භාගයේදී ආරක්ෂක අංශ වෙත යටත්ව ඇති මොහු වව්නියාවේ පිහිටි පුනරුත්ථාපන හා ප‍්‍රතිසංවිධාන මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිට ඇත.
වත්මන් රජයේ දෙමළ සාමාජිකයෙකුගේ සහය ලැබ ගෝබි පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පැන ඇත. අනතුරුව සෞදි අරාබිය වෙත පලා යන්නට ඇතැයි සැක කෙරේ.ඔහු පළා යන්නට ඇත්තේ ඩුබායි වෙත බව වැරදීමකින් මා අතින් පසුගිය සතියේ ලියැවී තිබී ඇත.සෞදි අරාබියේ සිට ඔහු යුරෝපය වෙත පැමිණ ඇතැයි සැක කෙරෙන අතර යුරෝපයේ කළ සංචාර වලින් පසු ඔහු පැමිණ ඇත්තේ එල් ටී ටී ඊ සංවිධානයේ මුල් පෙල නායකයෙකු ලෙස කටයුතු කරන නෝර්වේහි ජීවත්වන නෙදියවන් සොයා බව ආරක්ෂක අංශ පවසයි.එහිදී නෙදියවන් හා ඔහුගේ ප‍්‍රධාන නියෝජිත ඉරුම්බරා හමුව ඇති ගෝබිට ඔවුන් පවරා ඇති රාජකාරිය වී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ එල් ටී ටී ඊ සංවිධානය යළි කි‍්‍රයාකාරී තත්ත්වයට ගෙන ඒමයි.
රියැදුරා
ගෝබි ශී‍්‍ර ලංකාවට පැමිණ බර වාහන රියැදුරෙකු ලෙස සේවය කර ඇතැයි පැවසේ.ඔහුට ඔහුගේම වාහනයක්ද තිබී ඇති අතර එය කුලී ගමන් සදහා හා භාණ්ඩ ප‍්‍රවාහනය සදහා ඔහු යොදාගෙන ඇතැයි අනාවරණයව ඇත.බර වාහන රියැදුරෙකු ලෙස පෙනී සිටිමින් ඔහු සම්බන්ධයෙන් කිසිවෙකු හට සැක ඉපිදවීමට ඉඩ නොතබා කොළඹ සිට මුලතිව්,වව්නියාව,කිළිනොච්චිය හා යාපනය වැනි ප‍්‍රදේශවලට යෑම් ඊම් කිරීමට අවස්ථාව සොයාගෙන ඇතැයි ආරක්ෂක අංශ කියයි.
ඔහුගේ මව හා බිරිද ආරක්ෂක අංශ භාරයට ගෙන ප‍්‍රශ්න කැරෙයි. ඔවුන් නැවත නැවත කියන්නේ ගෝබි කුමක් කරන්නේදැයි ඔවුන් නොදන්නා බවයි. ඔහු ඔවුන්ගෙන් වෙන්වී වෙසෙන බවයි.
ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ උතුරේ එල් ටී ටී ඊ සංවිධානයට යළි පණ දීමේ රාජකාරිය ගෝබිට පැවරී ඇති බවයි.පෙනුමින් සාමාන්‍ය පුද්ගලයෙකු සේ දිස්වුවද ඔහු තමන් අදහන දේශපාලන මතය මගින් මෙහෙයවෙන මෙහෙයුමක් මුල්කරගෙන කටයුතු කරන අතිශයින් භයානක පුද්ගලයෙකු යැයි ආරක්ෂක අංශ ගෝබිව හදුන්වාදේ.ඔවුන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ගෝබි ඉතා ධෛර්යය සම්පන්න පුද්ගලයෙකු ලෙස සැළකිය හැකි බවයි.නොඑසේ නම් ඔහු යුරෝපයේ සැපපහසුවට ජීවත්වීමට තිබූ ජීවිතයක් අතහැර ශී‍්‍රලංකාවට පැමිණ භයානක හා අන්තරාදායක වැඩකටයුතු වෙනුවෙන් හවුල්වීමට කටයුතු කරන්නෙක් නොවනු ඇතැයි ආරක්ෂක අංශ වල මතයයි.
ගෝබි යනු නිතරම අවි දරා සිටින්නෙකු හා වෙඩි තැබීමට කිසිසේත් දෙවරක් නොසිතන්නෙකු ලෙස ආරක්ෂක අංශ ඔහුව දක්වයි.ගෝබි යන නාමය ආරක්ෂක අංශ විමසුමට ලක්වූයේ මාර්තු මුල් සතියේදී පලාලි ප‍්‍රදේශයේ එල් ටී ටී ඊ සංවිධානය ‘‘මුර දේවතාවුන්‘‘ යැයි හදුන්වාදී තිබූ පති‍්‍රකා සමූහයක් බෙදමින් සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී ගෝබි නම ආරක්ෂක අංශ හදුනාගත්මුත් ගෝබි යනු එල් ටී ටී ඊ සංවිධානයට යළි පණ දීමට කටයුතු කරන්නා වන බවද ඔහුට දෙමළ ඩයස්පෝරා නායක නෙදියවන් ඇතුලූ මුල් පෙල සාමාජිකයින්ගෙන් උපදෙස් ලැබෙන බවද ආරක්ෂක අංශ ඒ වන විට දැන සිටියේ නැත.ගෝබි කවරාකාරයේ පුද්ගලයෙකුදැයි හෙළිවන්නට පටන් ගත්තේ පසුගියදා කිලිනොච්චියේ ධර්මපුරම් හි ජෙයකුමාර් බාලේන්ද්‍ර මහත්මියගේ නිවසේ සැගව සිටි ගෝබි තමන් සොයා පැමිණි ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරියකුට වෙඩි තබා පලා යාමෙන් පසුවය.
පරීක්ෂණ වලින් ගෝබි උතුරේ 3 ක් හා කොළඹ 1 ක් ලෙස අවශ්‍ය වේලාවට සැඟවී සිටිය හැකි ස්ථාන 4 ක් පිහිටුවාගෙන සිටින බව හෙළිව තිබේ.මේ සදහා ගෝබිට සහය වී ඇත්තේ හිටලූ එල් ටී ටී ඊ සාමාජිකයින් හා ජීවිත අහිමිවූ එල් ටී ටී ඊ සාමාජිකයින්ගේ පවුල් වල සාමාජිකයින් බව සදහන්ය.හෙළිව ඇති තවත් වැදගත් කරුණක් වන්නේ බටහිර රටවල් 3 ක සිටින දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් එවන මුදල් උතුරුකරයේ සිටිනා ගෝබිගේ නියෝජිතයින් වෙත ලැබෙමින් පවතින බවයි.
මෙහෙයුම්
ආරක්ෂක අංශ ත‍්‍රස්ත විරෝධී කණ්ඩායම් හා එක්ව උතුරුකරය ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකරමින් සිටී.
සිය ගණනක් තරුණ තරුණියන් ආරක්ෂක අංශ භාරයට ගෙන ප‍්‍රශ්න කැරෙයි. අතර ඔවුන්ගෙන් බහුතරය පැය කිහිපයක් ඇතුලතදීම නිදහස් කර යැවීම සිදුකෙරේ.පුද්ගලයින් 50 දෙනෙකු පමණ ත‍්‍රස්ත විරෝධී පනත යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සිදුකෙරෙන බව සදහන් අතර මෙම පුද්ගලයින් පිරිස අතරිනුත් කිහිපදෙනෙකුම මේ වන විට නිදහස් කර යවා ඇති බව දැක්වේ.
වාර්තා වෙන පරිදි දැනට 30 දෙනෙකු පමණ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටී.මෙම ගණන නිශ්චිතව කිවනොහැකි වන්නේ පුද්ගලයින් නිදහස් කිරීමත් නව පුද්ගලයින් ප‍්‍රශ්න කිරීම් සදහා ගෙන ඒමත් නිරන්තරයෙන් සිදුවන බැවිනි.
අරඹා ඇති මෙහෙයුම් නිසා එල් ටී ටී ඊ සංවිධානයේ යළි නැඟීටීමකට ඔවුනට කිසිසේත් අවස්ථාව නැතැයි ආරක්ෂක අංශ විශ්වාසයෙන් සිටී.ගෝබි අත්අඩංගුවට ගැනීමට තවමත් තමන්ට නොහැකිවී ඇති බව පිළිගන්නා ආරක්ෂක අංශ ඔහුද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අදහස් දක්වයි.තමන් අත්අඩංගුවට පත්වනු ඇතැයි සිතා ගෝබි සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරනු ඇතැයි යන්නද ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටින කරුණකි.
ඉදිරි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් හා එල් ටී ටී යේ යැයි සැකකෙරන වෙනත් කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් වන තවත් තොරතුරු ඉදිරියේ පළකෙරෙන ලිපියකින් බලාපොරොත්තු වන්න.
(ඩි.බී.එස්.ජෙයරාජ් )
පරිවර්තනය කෝවිද ගුණසේකර

