කොටි සංවිධානය යළි පණ ගැන්වීමට අසාර්තක උත්සාහයක යෙදී සිටියදී මුලතිව් කැලේදී හමුදාවෙන් මැරුම් කෑ තිදෙනාගෙන එක් අයකු වන නවනීදන් නොහොත් අප්පන් අනුරාධපුරයේ සිටියදී ඔහුට ආධාර අනුබල දුන් බව කියන තැපැල් සේවකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
තැපල් රැකියාවට අමතරව ඔහු යතුරු කපන්නකු ලෙසද සේවය කළ අයෙකි.

