මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත් කළැයි මහාධිකරණයේ අධිචෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටින උමාර් හබිතාබිගේ වැඩිමහල් සහෝදරිය මාර්තු 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ධාධිපති මහත්මිය නියෝග කළාය.
ඇය මෙසේ රිමාන්ඩ් කළේ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැමිණි කොටි බෝම්බකරුට රැකවරනය සැලසීම ගැන වරින් වර පරස්පර සාක්කි දුන් නිසාය.
රිමාන්ඩ් කළ සැකකාරියගේ දරුවන් පරිවාස බාරයට පත් කිරීමට අවැසි පියවර ගන්නා ලෙසද මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිට නියෝග කැරිණි.

