2009 දී කොළඹ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයට බෝම්බ ගැසීමට කොටි සංවිධානයට ආධාර අනුබල දුන්නැයි කියන හමුදා කර්නල්ට එරෙහි සාක්කි අධ්‍යයනය කිරීම සඳහා විත්තියේ නීතීඥවරයාට අගෝස්තු 22 තෙක් කොළඹ මහාධිකරණයෙන් අද කල් ලැබිණි.
කර්නල් රංජිත් චන්ද්‍රසිරි පෙරේරා හෙවත් ආමි අංකල්ට එරෙහිව පවරා ඇති නඩුව කුමුදිනී වික්‍රමසිංහ විනිසුරුවරිය ඉදිරියේ විභාගයට ගැනිණි.
කොටි සංවිධානයේ කන්දවම් ගෝකුලම් හෙවත් ඉන්බම් හා එහි බුද්ධි අංශයේ කනගරත්නම් ආදිත්‍යන් හෙවත් අන්නාට එම බෝම්බ ප්‍රහාරයට ආධාර උපකාර දුන් කර්නල්ට එරෙහිව මේ නඩුව පවරා ඇත.