කොටි සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ලවී තිබූ ලාංකික සම්භවයක් සහිත නෙදර්ලන්ත ජාතිකයන් පස් දෙනකුට එරට අධිකරණයක් සිරදඬුවම් නියම කළේය.
චෝදනා දෙකක් යටතේ සැකකරුවන්ට මාස 19 ක හා වසර 6 සිර දඬුවම් නියම කර ඇති බව තානාපති කාර්යාල ආරංචි කියයි.
මොවුන්ට 2011 වසරේදී නඩු පවරා තිබුණි.

