කොටියාට ඉතාලියේදී කඩේ යයි


තිස්වසරක යුද්ධය නිම වි සිව් වෑනි විජයග්‍රහායි සෑමරුම ඊයේ ගාලු මුවදොර පිටියේ පවත්වන මොහොතේදී ඉතාලියේ පලෙර්මෝ නුවර කොටි හිතවාදිහු පිරිසක් ඊට විරුද්ධව උද්ඝෝෂනයක් කළහ.

 ශ්‍රි ලංකා රජය අහිංසක දමිල වැසියන් දහස් ගනනක් මරා දමමින් ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරා ගත් බව එහිදි ඔවුහු  චෝදනා කළහ. වෙනම රාජ්‍යයක් ගොඩනැගිම සදහා විදෙස් මෑදිහත් වීමක් අවශය බව එහිදි ඔවුහු පැවසුහ. පලෙර්මෝ නුවර හාර දහසකට අදික දමිල ජාතිකයින් පිරිසක් ජිවත් වුවද මේ සදහා සහභාගි වි සිටියේ එකසිය පනහකට අඩු පිරිසක් බව වර්ථා විය.

කොටි සංවිධානය ඉතාලියේ  තහනම් සංවිධානයක් වුවත් ඉතාලි ජාතික කොඩිය සමග කොටි කොඩියද ඔසවා තිබු බව පලෙර්මෝ ශ්‍රි ලාංකිකයෝ පවසති. මේයට පෙර කොටි කොඩිය එසවු මොහොතේදි පවා  කිහිප විටක් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය දැනුවත් කලත් කිසිදු පිලියමක් එ සදහා නොලැබුනු බව ඔවුහු කියති.