තම සැමියා වන හිටපු කොටි ප්‍රබලයකු වන එලීලන් සොයා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මුලතිව් දිස්ත්‍රික් උසාවියට එන ආරංචිය අනුව පිරිසක් පුවරු රැගෙන උද්ඝෝෂණයක් කළහ.
තම සැමියාට වූ දේ පිළිබඳ ශෂිදරන් ක්‍රියාකරන්නා සේ කොටි සංවිධානයෙන් පැහැරගත් තම දරුවන්ට වූයේ කුමක්දැයි සෙවීමට තමනට අයිතියක් ඇතැයි විරෝධතා කරුවෝ කීහ.
ශෂිදරන් අධිකරණයට නොපැමිණි නිසා නඩුව ජනවාරි 22 ට කල් ගියේය.




