කොටියාට අභියෝග කළ කොල්ලන්ට කොටි තර්ජන


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කාඩිෆ් ක්‍රිඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයට කඩා වැදුණු කොටි හිතවාදීන්ගේ ප්‍රකෝපකාරී හැසීරීමට එරෙහිව නැඟී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසකට ඔවුන්ගෙන් තර්ජන එල්ලවී ඇතැයි බටහිර ලන්ඩනයේ වාසය කරන  සමන්ති ගුණසේකර මහත්මිය ලංකාදීපය සමග පැවසුවාය.

කොට් හිතවාදීන් ශ්‍රී ලංකා කණ්ඩායමටත් , තරගය බැලීමට ගිය  සාමකාමී ශ්‍රී ලාංකිකයන්ටත් එරෙහිව කාඩ්ෆ් පිටිය අසලදී එල්ල කළ මැර තර්ජන වලට එරෙහිව ඔවුනට අභියෝග කළ ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට මෙසේ තර්ජනය කැර අතැයි ඇය කියන්නීය.

 ශ්‍රී ලංකා රජය හෑල්ලුවට ලක් කරමින් කොටි හිතවාදීන් කළ ක්‍රියා ඉවසාගත නොහැකිව තම පුතා ඇතුළු පිරිසක් ඔවුනට අභියෝග කළ බව ඇය කියන්නීය.ඔවුන් එසේ කළේ රටට ඇති ආදරය කැක්කුම නිසා බවත් ඇය සදහන් කරන්නීය.

 දැන් ඔවුනට දුරකථනයෙන්  හා වෙනත් මාර්ග වලින් මරණ තර්ජන එල්ල කරන බවත් රැකියාවට යාමට පවා ඉඩ නොදෙන බවත් ගුණසේකර මහත්මිය ලංකාදීපය සමග දුරකථනයෙන් පැවසුවාය.

   කොටි හිතවාදීන්ට පහර දුන්නැයි කියන ශ්‍රී ලාංකිකයන්ගේ වීඩීයෝ පටයක්ද ඔවුන් අන්තර්ජාලයට නිකුත් කැර ඇතැයි ඇය කියන්නීය.

 මේ තර්ජන ගැන ශ්‍රී ලංකා රජය ට හා බ්‍රිතානයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයට දන්වා ඇතැයිද රට වෙනුවෙන්  ඉදිරිපත් වු එම තරුණයන්ගේ ආරක්ෂාව සැලැසීමට රජය ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇය පවසන්නීය.