කොටියා හෙළූ යානයේ සුන්බුන් ප්‍රදර්ශනයට


කොටි මිසයිල් ප්‍රහාරයකින් ඉරණතිවූ  මුහුදු වැටී වසර 15කට පසු ගොඩගත් ඇන්ටනෝව් 24 ගුවන් යානයේ තිබී සොයාගත් එහි ගමන් ගත් මගීන්ගේ ඇඳුම් පැළඳුම් ද පාවාහන් ද වෙනත් බඩු බාහිර ද ඔවුන්ගේ ඥාතීන්ට හඳුනා ගැනීම සඳහා අද යාපනය පැරණි නගරසභා ක්‍රීඩාංගනයේ දී ප්‍රදර්ශනයට තැබිණි.

කොටි ප්‍රහාරය එල්ල වන විට එහි කාර්යමණ්ඩලය හත් දෙනෙක්ද මගීහු 48 දෙනෙක් ද ගමන් කළහ. එම සියලුම දෙනා මියගියහ. අත්අඩංගුවට ගත් කොටි සමාජිකයකුගෙන් ලැබුණු තොරතුරක් මත පසුගිය වසරේ මැයි මාසයේ එහි කොටස් ගොඩගනු ලැබීය.