කොටි සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ජී.යෝගේන්ද්‍රන් නමැති ශ්‍රී ලාංකිකයකුට ජර්මනියේ හැම්බර්ග් නුවරදී සඳුදා නඩු පවරා ඇති බව ලෙබනනයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කරයි.
කොටි සංවිධානය ජර්මනියේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනමට ලක් වුවකි.
2007 දී ජර්මන් පුරවැසි භාවය ලැබු ඔහු 2007 සිට 2009 දක්වා වසර දෙකක් ජර්මනියේ හැම්බර්ග් නුවර අවට විවිධ ක්‍රියාකාරකම් වලින් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා අරමුදල් එකතු කළ බවට චෝදනා ලබා ඇත.
මේ කාලයේදී ඔහු ඇමෙරිකා ඩොලර් 88,000 කට සමාන මුදලක් (රුපියල් 1,26, 83276) කොටි සංවිධානය වෙත ලබාදී ඇති බවටද ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනාවෙහි දැක්වෙයි.
නඩු විභාගය ආරම්භවූ සඳුදා දිනයේ යෝගේන්ද්‍රන් ඔහුගේ නිදහසට කියන කරුණු කිසිවක් ඉදිරිපත් නොකළ බවද එම නඩු විභාගය මාර්තු 7 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.


