කොටි සංවිධානය හා රජයේ හමුදා අතර 2009 මැයි මාසයේදී දරුණුම සටන් පැවැති මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ වළ දැමුණු තෙල් බැරැල් නවයක් ගොඩගත් බව 681 වැනි බළ සේනාව කියයි.
බළසේනා මුලස්ථානය පිහිටියේ එම ප්‍රදේශයේය. කොටි මුහුදු බළකායේ ප්‍රයෝජනය සඳහා මෙම ලිහිසි තෙල් පාවිච්චි කරන්නට ඇතැයි හමුදාව විශ්වාස කරයි.





