යුද්දයෙන් පීඩාවට පත්වුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීමට මේ වසර සඳහා රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.
අත් පා අහිමිවුවන් ,නිවාස අහිමිවූවන් වෙනුවෙන් මෙසේ සහනාධාර ලබාදීම සිදු වන අතර මේ වන විට වෙන් කර ඇති මුදලින් ලක්ෂ 1100 බෙදා දී අවසන් බව සඳහන්ය.
තවත් රුපියල් ලක්ෂ 1300 ක් උතුරේ අවතැන්ව සිටින පවුල් 1500ක් අතරේ බෙදා දීමට නියමිතය.
ගැටුම් නිසා විනාශ වී ගිය ආගමික ස්ථාන 100ක් පිළිසකර කිරීමේ කටයුතුද රජය අරඹා ඇත.

