කොටි සංවිධානයේ ලාංජනය සහිත හිස් වැසුමක් පාර්සලයක් තුළ දමා ලන්ඩන් නුවරට රැගෙන යාමට තැත් කිරිමේ චෝදනාව මත මාස නවයක් රිමාන්ඩ් බාරයේ සිටින ජෙසුදාසම් වෙදසැම්සන්,මහාදේවන් ප්‍රසාන්තන්සහ සුබ්‍රමනියම් නගුලේරාසා යන අය වෙනුවෙන් නීතිඥ අජිත් දන්තනාරායන මහතා අද (18) ලිඛිත ඇප අයැදුමක් ගොනු කළේය.
ත්‍රස්ත විමර්ශනයේ ස්ථාවරය ජනවාරි 25 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළේය

