කොටි සාමාජිකයන්ගේ ලාංජනය සහිත හිස් වැසුමක් එංගලන්තයට යැවීමට තැත් කිරිමේ චෝදනාව යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින බුද්ධි අංශ නිලධාරී සුබ්‍රමනියම් නගුලේරාසා ඇතුළු තවත් දෙදෙනකු පෙබරවාරි 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (8) නියෝග කළාය.
මේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්ථාවරය අද සවිස්තරාත්මකව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සළකා බලා ඇප සම්බන්ධ තීන්දුව ඉදිරියේ දී ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

