කොටි හිතවාදීහු මස් රාත්තලම ඉල්ලති


පැරිස් නුවර පදිංචි දෙමළ ජන පිරිස් අයිෆල් කුළුන අසලට රැස්වී රතු කොඩි හා කොටි කොඩි වනමින්

ශ්‍රී ලංකාවේ යුද  බිම සිද්ධි ස්වාධීන පරීක්ෂණයකට යටත් කළ යුතු යැයි ඉල්ලා සිටියහ.

යුද්ධයෙන් මිය ගියැයි කියන අයගේ ඡායාරූප ද ඔවුන් අත විය.

යුද්ධය හමාර වී වසර හතරක් ගත වී ඇතත් යුද්ධයෙන් මළ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැතැයි ප්‍රංශ ඊලාම් දෙමළ කවුන්සිලයේ සභාපති තිරු තිරුච්චොට්ටි පැවසීය.

දහස් ගණන් දෙමළ ජනයා තවමත් ආගිය අතක් නැතැයි කීවේය.

146000 දෙනකු ගැන තොරතුරක් නැති බව ද ඔහු සඳහන් කළේය.

 අන්තර් ජාතික කොමිසමක් මගින් ශ්‍රී ලංකා යුද අපරාධ ගැන පරීක්ෂණයක් කළ යුතු බවත්, ශ්‍රී ලංකා රජයෙන් කරන පරීක්ෂණයක් නොපිළිගන්නා බවත් ඔහු කීවේය.