කොටි හිතවාදිහු හමුදා පාසල ළඟටම රිංගති


තම්ල්නාඩුවේ  නාන් තම්ලර් පක්ෂයේ සියයකට අධික පිරිසක්  කොටි කොඩි ද රැගෙන  වෙලින්ටන් ආරක්ෂක විද්‍යා පීඨය සමීපයටම රිංගා  එහි පුහුණුව ලබන ශ්‍රී ලංකික හමුදා නිලධාරීන්  දෙදෙනා  ශ්‍රී ලංකාවට යවන්නැයි  කෑ කෝ ගැසුහ.

උද්ඝෝෂකයින් වෙනත් තැනකට යන බව පවසා   පොලීසියේ ඇස් වසා වෙනත් පාරකින්   විද්‍යා පිඨය අසලටම  රිංගා ගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා කොඩිය පිළිස්සු උද්ඝෝෂකයන්  විද්‍යා පිඨයට මීටර් තුන්සීයක් තරම් සමිප වී  සිටි බවත්  පොලීසිය ඔවුන්  පන්නා දැමු බවත්  වෙලින්ටන් වාර්තා කියයි. මේ පිරිස අතර ගැහැණුද  වුහ.