ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙමළ සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියකින් ඉල්ලීමක් කළේය.
68 වැනි නිදහස් දිනයට සමගාමීව ඔවුන් නිදහස් කරන ලෙස එම ලිපියේ සඳහන්ය.

