කොටි සැකකරුවන් වෙනුවෙන් මානව හිමිකම් යයි


ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අතඅඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සියලු කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම උදෙසා වු ජාතික සංවිධානය ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙකුව සිටි සමයේ ඔහුව ඝාතනය කිරීමට උත්සහ කලැයි දඬුවම් නියම වී සිටි ජෙනීෆන්   පොදු සමාව යටතේ නිදහස්කලා මෙන් සෙසු කොටි සැකකරුවන්ද පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස බල කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කරන බවව එම සංවිධානයේ සභාපති ශක්තිවේල් අරුත්තන්දෙයි මහතා පැවසීය.

කොටි සැකකරුවන්   බන්ධනාගාර ගත කර තැබීම තුලින් ඔවුනගේ මානව හිමිකම් කඩවන බවත් හෙතෙම පැවසීය