අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකරුවන් 30කගෙන් යුත් පිරිසක් අද (09)දිනයේ නිදහස් කිරිමට සැලසුම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
බන්ධනාගාර කිහිපයක රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් තමන් නිදහස් කරන ලෙස බලකරමින් පසුගියදා උපවාසයක නිරත වූහ.කෙසේ වෙතත් දින කිහිපයක් පැවැති මෙම උපවාසයේදී රැඳවියන් සහ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් උපවාසය අත්හැරිමට තීරණය කරන ලදී.
රැඳවියන් නිදහස් කරන බවට රජය දුන් පොරොන්දුවක් හේතුවෙන් ඔවුන් උපවාසය අත්හැරියේය. එමෙන්ම විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජය කැමැත්ත පළ කර ඇති බවයි.
කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ සිරකරුවන් කණ්ඩායම් දෙකක් යටතේ නිදහස් කිරිමට රජය සැලසුම් කර ඇති බව ද පසුගියදා විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටන දෙමළ ජාතික රැඳවියන් 29 දෙනකු අද පෙරවරුවේ සිට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරතව සිටිති.
චෝදනා ඇත්නම් ඒවා ගොනුකර තමන්ට විරුද්ධව නඩු පවරන ලෙසත් එසේ නැතිනම් නිදහස් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

