මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීම සඳහා වන මහවිරු සැමරුමකට බ්‍රිතාන්‍ය අවසර දී ඇතැයි තානාපති ආරංචි කියයි. බ්‍රිතාන්‍යය දෙමළ ඩයස්පෝරාව මේ සැමරුම සංවිධානය කරයි.
නොවැම්බර් 27 වැනි දා ලන්ඩන් නුවර ඩෙට්‌ඩ්ලි මධ්‍යස්‌ථානයේ දී සමරුව පැවැත්වීමට නියමිතය.
බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානය සමරමින් මෙම සැමරුම සිදු කිරීමට ඉඩ දී ඇත්තේ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ ඉල්ලීම් මත බවද තානාපති ආරංචි පවසයි.
මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් ද එදිනම ලන්ඩන් නුවර කැන්ලේ ප්‍රජා මධ්‍යස්‌ථානයේ දී පැවැත්වීමට කියමිතව ඇතැයිද පැවසේ.

