ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරඟයේදී ලංකා කණ්ඩායමට බාධා කිරීමට කොටි හිතවාදීන් සැරසෙතිය ද එය වළක්වන ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා ස්කොටලන්යාඩ් පොලීසියට දැනුම් දී තිබේ. කොටි හිතවාදීන් බස් රථ වලින් පැමිණ ක්‍රීඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමටත් ක්‍රීඩාංගණය ඇතුලේ තරඟය පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳවැටෙන අයුරින් විවිධ පුවරු ප්‍රදර්ශනය කිරීමටත් සැළසුම් කැර ඇතැයි තානාපතිවරයා පොලීසියට, එරට විදේශ අමාත්‍යාංශයට හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා ඇත.