ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන එංගලන්තයේ කාඩිෆ් පිටිය අසලදී කොටි හිතවාදීන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට පහර දී තුවාල සිදුකර ඇතැයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්‍යාල ආරංචි කියයි.
එංගලන්තයේ ආරක්ෂක බලධරයන් සමග සාකච්ඡා කිරීමට මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ද එහි ගොස් සිටී.
දහසක් පමණ කොටි හිතාවාදීන් ක්‍රීඩා පිටියේ රැදී සිටින බවත් මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ උත්සාහය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙන්ම තරගය නරඹන්නන්ටත් ආරක්ෂාව සලසා දීමය.
අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණ ඇති බවද දැනගන්නට ඇත.