කොටි පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත පිටුවහල් කරයි


කොටි නායක ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (13) නියෝග කළාය.

මෙරටට පැමිණි චුන්නාකම් හි හෝටලයක නැවතී සිටියදී චුන්නාකම් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර කැරිණි. මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාවක් එසේ පිටුවහල් කිරීමට නියෝග කැරිණි.