යුරෝපා සංගමයේ තහනම් ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් දෙමළ කොටි ත‍්‍රස්තවාදීන් සහ පලස්තීන හමාස් ත‍්‍රස්ත සංවිධානය ඉවත් කළ යුතු යැයි යුරෝපා සංගම් අධිකරණ උපදේශකවරයෙකු එම අධිකරණයට ප‍්‍රකාශ කර ඇතැයි ඇමෙරිකාවේ ‘‘ද වෝල් ස්ටී‍්‍රට් ජර්නල් ’’ පුවත් වෙබ් අඩවිය පවසයි.
එම සංවිධාන ත‍්‍රස්ත ක‍්‍රියාවලට සහභාගී වූ බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්කි මෙතෙක් ඉදිරිපත් කර නැතැයි ඔහු කියා තිබේ.
සිය කණ්ඩායම් යුරෝපා සංගම් ත‍්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හමාස් සහ දෙමළ කොටි සංවිධාන නියෝජිතයින් පිරිසක් යුරෝපා සංගම් ප‍්‍රාථමික අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර වසර කිහිපයක් තිස්සේ ඊට එම නඩු විභාගය පැවැත්වීමෙන් අනතුරුව 2014 වසරේදී අදාළ සංවිධාන දෙකම යුරෝපා සංගම් තහනම් ත‍්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීත්දු කරන ලදී.
එම තීන්දුවට එරෙහිව අදාළ ත‍්‍රස්ත සංවිධාන අභියාචනා නඩුවක් ගොනු කර තිබූ අතර යුරෝපා සංගම් අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම උපදේශකවරයා මෙලෙස අධිකරණයට කරුණු දක්වා ඇත.
එහෙත් මේ පිළිබඳව තීන්දුවක් දීමට මාස කිහිපයක් ගත වනු ඇතැයි කියති.