කොටි නඩු අහන්න විශේෂ මහාධිකරණයක්


කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් විභාග කොට අවසන් කිරීම සඳහා රජය විශේෂ මහාධිකරණයක් පිහිටුවා ඇති අතර එම නඩු විභාග කිරීම සඳහා මහාධිකරණ කොමසාරිස්වරියක ලෙස අයිරාංගනී  පෙරේරා මහත්මිය පත්කොට ඇත.

විනිසුරුවරියක ලෙස 31 වසරක සේවය කොට ඇති  අයිරාංගනී පෙරේරා මහත්මිය ඉනෝකා සෙව්වන්දි හමුදා සෙබළිය ඝාතනය, කැළණි සරසවියේ මධුවන්ති ඝාතනය, ඇතුළු නඩු ගණනාවක මුලික විමර්ශන කළාය.

කොළඔ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලබා 1979 වර්ෂයේදී නීතීඥවරියක ලෙස දිවුරුම් දුන් ඇය ප‍්‍රාථමික උසස් විනිසුරුවරියක ලෙස සේවය කොට ඇත.