කොටි දෙන්නෙක් මැරුවැයි කර්නල් ඇතුළු 16ක් යළි රිමාන්ඩ්


1997 දී කොටි සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින කර්නල්වරයකු ඇතුළු යුද හමුදා සාමාජියින් 16 දෙනා ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත‍්‍රාත් එස්.සදීෂ්කරන් නියෝග කළේය
1997 11 28 වන දින අත්අඩංගුවට ගත් සරස්වතී සවුන්දරාජන් සහ මනුතාපිල්ලේ ජයසීලන් නැමති කොටි සාමාජිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවක අච්චුවේලි යුද හමුදා කදවුරේ සේවය කළ හමුදා සාමාජිකනයින් 16 දෙනකු එසේ රිමාන්ඩ් කැරිණි.
නීතිපති උපදෙස් මත මෙම නඩුව පසුගිය 26 වැනිදා මුලින්ම විභාග වූ අතර එදින අධිකරණය වෙත ඉදිරිපත්වූයේ සැකකරුවන් පස් දෙනකු පමණි.