කොටි තර්ජනය ලන්ඩන් පොලිසියට දන්වයි


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කාඩිෆ් ක්‍රිඩාංගනයේ පැවති ක්‍රිකට් තරඟය කඩාකප්පල් කළ කොටි හිතවාදීනට අභියෝග කළ   ශ්‍රී ලාංකිකයනට ආරක්ෂාව සලසන ලෙස බ්‍රිතාන්‍ය පොලීසියෙන් ඉල්ලා සිටි බව ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ ආගමන විගමන කටයුතු බාර චමින්ද  කුලරත්න මහතා කියයි.

 මේ පිරිසට  කොට් හිතවාදීන් මරණ තර්ජන එල්ල කළ බව ලන්ඩනයේ වාසය කරන   සමන්ති ගුණසේකර මහත්මිය කියන්නීය.

 මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලීම මත තමා බ්‍රිතාන්‍ය  පොලීසිට කරුණු දැක්වීම ප්‍රථිපලයක් වශයෙන්  තර්ජනයට ලක්වුන්ගේ නිවසට අනතුරු සංඥා සීනු සවි කළ බවද කුලරත්න මහතා කියයි.මේ ගැන විදේශ අමාත්‍යංශයට සම්පුර්ණ වාර්තාවක් එවා ඇතැයිද ඔහු කියයි.