ඔඩ්ඩුසූඩාන් දෙමළ මහා විදුහලේ අද (20) ආරම්භ වූ උතුරු පළාත් ක්‍රීඩා උත්සවයට එල්ටී.ටී.ඊ. ලාංඡනය සහිත ටයි පටියක් පැළඳගෙන ආ බව කියන කිලිනොච්චිය දිස්ත්‍රීක් ක්‍රීඩා නිලධාරිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසූඩාන් පොලිසිය කියයි. ඔඩ්ඩුසූඩාන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

