කොටි ඝාතනය කළ ගෝනගල සිංහල වැසියන් සිහිකර


(නිමල් ජයරත්න)

එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින්  අම්පාර  ගෝනගල, 31 වන කොළණියේ වැසියන් 54 දෙනකු අමානුෂිකව ඝාතනය කර අදට  26 වසරක් සපිරේ.

1999 සැප්තැම්බර් 18 දින අම්පාරේ සිංහල ගම්මානයක් වන ගෝනගල, 31 වන කොළණිට පැණ ගම්වාසින් 54 දෙනකු කපා කොටා සමුල ඝාතනය කළේය.   ඝාතනයට ලක්වූ 54 දෙනා සිහිකිරිම සඳහා එම ස්මාරකයක් ඉදි කළ අතර එම ස්මාරකය අසලදි පහන් දල්වා  සිහිකිරීමේ පිංකම පැවැත්විණි. 

අනතුරුව ගෝනගල ශ්‍රී සුමංගලාරාමාධිපති රන්සෑගොඩ සිරිවිමල හිමියන්ගේ සහභාගිත්වයෙන් මියගිය අයට පිං අනුමෝදන් කිරිම සදහා ධර්ම දේශනයක් පැවැත්වීම කටයුතු කළහ.