කොටි කෙරුම් කටුගෙයක් අරන්තලාවේ


කොටි සැහැසිකම් දැක්වෙන කටුගෙයක් අම්පාර අරන්තලාවේ ඉදි කැරේ. 1987 ජුනි දෙවැනි දා  කොටි ත‍්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි  හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මරා දමනු ලැබූහ. එම භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනු ලැබු
බස්රථය  ස්ථිර වශයෙන් එහි තබා  වසර විසිහයකට පෙර සිදු වූ ඝාතනය මුර්ති මගින් නිරුපණය කැරේ. මූර්ති ශිල්පීයා අනිල් අමරපුරයි.