ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් අවි ආයුධ සැපයීමට උත්සාහ කළැයි වරදකරු වී වසර ගණනාවක් ඇමෙරිකාවේ සිරගතවී සිටි බාල්රාජ් නායිතු (51) සිංගප්පූරු ජාතිකයා ඩලාස් නුවරින් පිටුවහල් කැරිණි.
ඇමෙරිකා ඩොලර් නව ලක්ෂයක් (රුපියල් කෝටි 11.88) වටිනා අවි ආයුධ බේරි ලන්තයෙන් හොරට මිලට ගෙන කොටි සංවිධානයට සැපයීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ බාල්රාජ් 2010 වැරදිකරු විය.
බාල්රාජ් එම අවි මිලට ගැනීමේ කුමන්ත්‍රණයට හවුල්වී යැයි ඇමෙරිකාව කියයි.
බදදා ඔහු සිංගප්පූරුවට රැගෙන එනු ලැබීය.