2009 ජුලි 15 වෙනි දාතමින් යුතුව එවකට ජිනීවා නුවර ඇමෙරිකා තානාපති වරයා ලෙස කටයුතු කල ක්ලින්ට් විලියම්සන් විසින් යවන ලද ලිපියක් අනුව "කොටි සටන් කරුවන් විසින් ඔවුන්ගේ ආයුධ රජයේ රෝහල් ඇතුළත සවිකරනු ලැබු බව " හෙළිවී ඇත.
මෙම ආරංචිය තානාපති වරයාට සපයන ලද්දේ ජාත්‍යන්තර රතුකුරුස සංගමයේ දකුණු ආසියා කාර්ය භාර නිලධාරියා ලෙස සේවය කල ජැකී ද මයියෝ විසිනි.
ලෝකයේ විවිධ රටවල රාජ්‍ය තොරතුරු නොමිලයේ එළිදරව් කරනු ලබන "විකිලීක්ස්" නම්වූ අන්තර් ජාල සංවිධානය මෙම විස්තරය එළිදක්වා ඇත.
විකිලීක්ස් වාර්තාව පදනම් කරගනිමින් මෙම තොරතුරු අන්තර්ජාලයට නිකුත්කර ඇත්තේ "කලම්බු ටෙලිග්රාෆ් " වෙබ් අඩවියයි.
අමෙරිකා තානාපතිවරයා යවා ඇති ලිපිය " රහස්‍ය" යනුවෙන් සඳහන්කරන ලද්දක් බවද එම වාර්තාවෙහි දැක්වෙයි.
ජැකී ද මයියෝ මුණගැසුණු අවස්ථාවේදී ඔහු ඇමෙරිකා තානාපතිට හෙළි කර ඇත්තේ " එල් ටී ටී ඊ සටන් කරුවන් අතර පිළිගතහැකි සංයමයක් හෝ අණදීමේ හෝ පිළිපැදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව" පෙනී යන බවයි.
ඔවුන් බොහෝ අවස්ථාවල සාමාන්‍යය වැසියන් තම අණසක යටතේ බලහත්කාරයෙන් තබාගෙන සිටින බවත් සාමාන්‍යය වැසියන්හට හිතුමතේ එහෙ මෙහෙ යාමට ඒමට කිසිදු ඉඩක් නොදුන් බවත් හැම තැනකම කොටි සටන් කරුවන් අතර සාමන්‍යය වැසියන් සමුහ වශයෙන් නවතාගෙන සිටි බවත් ඔහු පැවසු බව තානාපති වරයා වාර්තා කර ඇත.
කොටි අණ දෙන්නන්ගේ අදහස වුයේ සාමාන්‍යය වැසියන් සහ සටන් කරුවන් අතර පැහැදිලි වෙනසක් නොපෙනෙන ආකාරයට කටයුතු කිරීම ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් විය හැකි බවද යුද්ධයේ අවසන් කාල වකවානුවේ එල් ටී ටී ඊ සටන්කරුවන් බොහෝදෙනා සිවිල් ඇදුමින් සැරසී සිටින්නට පියවර ගෙන තිබුනේ මෙහෙතුවෙන් වියයුතු බවද මයියෝ පවසා තිබුණි.
මේ නිසා එල් ටී ටී ඊ නායකයින් සිවිල් ජනතාව " මිනිස් පලිහක්" ලෙසට පාවිච්චි කිරීම ආරම්භ කරන ලද්දේ කොයි දවසේ සිටද කියා නිගමනය කිරීම අපහසු වූ බවද ඔහු කියා ඇත.
මෙම තොරතුරු ඒ කාලයේදීම ඇමෙරි බලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද සපයා ඇත.
පසුගියදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විකාශනය කළ වැඩසටහනේ වැඩි කොටසක් වෙන්කර තිබුනේ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් ආරෝග්‍ය ශාලාවන්ට පහරදුන් බව කීම සඳහාය.