කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව-කඩුවෙල දක්වා කිලෝමීටර් 11ක මාර්ගයේ ඉදිකිරීම් ලහි ලහියේ සිදුවෙයි.
ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ රුපියල් කෝටි 2500ක ආධාර මත ඉදිවෙන මෙම කොටසේ පිවිසුම් මාර්ග තුනකි. කොට්ටාව, අතුරුගිරිය හා කඩුවෙල එම මාර්ග තුනය. මෙහි මං තීරු 4කි.
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ චයිනා හාබර් චීන කොන්ත‍්‍රාත් සමාගම ඉදිකිරීම් කරයි.
මෙම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 3.3ක් දිග පාලමක් ද වෙයි. එය ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම පාලම ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
2010 වර්ෂයේ මුල් භාගයේ වැඩ ඇරඹූ මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගදී නිම කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍යවේදීන් සමග නිරීක්ෂණ චාරිකාවක නිරත වූ වරාය හා මහා මාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසීය.
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දෙවැනි හා තෙවන අදියර ලෙස කඩුවෙල සිට කඩවත දක්වාත්, කඩවත සිට කෙරවලපිටිය දක්වාත් අධිවේගී මාර්ග ඉදිකිමට නියමිතය. වසර 2016 අවසානයේදී එහි වැඩ නිම කිරීමට යෝජිතය.

