(රෝෂන් තුෂාර)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.
අත්අඩංගුවට ගත් දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
දුරකථනයේ වූ සිම්පත් දෙක සැකකරුට ලබා දෙන්නැයි සැකකරු වෙනුවෙන් කළ ඉල්ලීම ඉවත දැමූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය ජූලි මස 17වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරනන ලෙසට පොලිසියට නියෝග කළාය.