කැස්බෑව බණ්ඩාරගම පාරේදී අඟහරුවාදා රාත්‍රී කාරයක් කොට්ටම්බා ගසක වැදීමෙන් රිය පදවාගෙන ගිය නැටුම් ශිල්පියෙක් (38) මියගොස් ඇතැයි පොලිසිය කියයි. මාලඹේ තලාහේනේ පදිංචි ඔහු සිය පස් හැවිරිදි දියණිය ද සමග බණ්ඩාරගම කිදෙල්පිටියට යමින් සිටිය දී අනතුර සිදුව ඇති බවත් දියණියට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය කියයි.



