කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට


(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී  වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්දී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව කොටහේන පොලිසිය කියයි.

සැකකරුවන එල්ල කළ වෙඩි පහරින් බරපතල තුවාල ලද පොලිස් කොස්තාපල්වරයකු රෝහල් ගත කර ඇත.

මියගිය සැකකරුවන් දෙදෙනා මාදම්පිටිය සහ පිළියන්දල මඩපාත පදිංචි වයස අවුරුදු 32 - 35 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කාකා දූපතේ  උන්ඩ තොගයක් සඟවා තිබෙන බවට අනාවරණය කිරීමෙන් අනතුරුව ඒවා සොයා ගැනීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය උදුරාගෙන පොලිසියට වෙඩි තැබූ බව පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ පොලිසියේ එල්ල කළ ප්‍රතිපාහාරයෙන් සැකකරුවන් දෙදෙනාම බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.