කොටපොල සමූපාකාර සමිතියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මාතර දෙණියාය මාර්ගය පිටබැද්දරදී අවහිර වී සමූපකාර සේවකයන් හතර හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
පොලීසි කිහිපයකින් බල ඇණි කැඳවනු ලැබූ අතර සවස් වන තෙක්ම වාහන ගමනාගමනය ඇනහිටියේය.
තම කාර්යාලයට කඩා වැදුණු පිරිසක් තමාට ද පහර දුන් බව සභාපති බන්දු රණවක මහතා පොලීසියට පැමිණිලි කර ඇත.
සේවක විරෝධතාවය නිසා ඔහුට පොලීසියෙන් පිටව යාමට ද නොහැකි විය.
සමූපකාර කොමසාරිස් විසින් රණවක මහතා සේවයෙන් ඉවත් කළත් අධිකරණයේ අතුරු තහනම් නියෝගයකින් ඔහු යළිත් සභාපති ලෙස කටයුතු කරයි.
රාජ්‍ය පරිපාලන හා සවදේශකටයුතු නියෝජ්‍ය ඇමැති විජය දහනායක මහතාගේ සහ බන්දු රණවක මහතාගේ පිරිස් මේ ගැටුමට පැමිණ සිටින බවත්, දහනායක මහතාගේ ආධාරකරුවන් සිය ගණනක් අද සවස්වන තුරු පාරේ වාඩි වී උද්ඝෝෂණ කරති.

