කොටදෙනියාවේ ‘වධකාගාරය‘ ගැනත් සොයන්නලු


කොටදෙණියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශන වලදී ගම්වැසියන් ගෙන ගොස්  පහර දුන්නේයැයි කියන කොටදෙනියාව වෙඩිබෙහෙත් වත්තේ ‘වධකාගාරයක්‘ ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල දී පාසල් සිසුවා හා එක්දරු පියාට අමතරව තවත් දස දෙනකු පමණ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන ලේඛන ගත නොකර නිදහස් කර ඇතැයි ද, බොහෝ දෙනකු නිරුවත් කර ඇතැයි ද එම පෙත්සමේ සඳහන්ය.

කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදයකුමාර, සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම, පොලිස්පති එන් කේ ඉලංගකෝන්, නීතිය හා මහජන සාමය අමාත්‍යංශයේ ලේකම්, ඇමැති තිලක් මාරපන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී එහි වගඋත්තරුකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.