කොටදෙනියාව පොලිසිය කොමිසමට ගෙන යයි


කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතන විමර්ශන මගින් පාසල් සිසුවකු ඇතුළු පිරිසකට පොලිසියෙන් කළ අසාධාරණය ගැන සොයා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (29) පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළේය.

කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, කොටදෙනියාව පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී සහ කොටදෙනියාව පොලිසියේ තවත් පස් දෙනෙක් එහි වඋග්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය වන අයුරින් කොටදෙනියාවේ ගම්වාසීන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, නීති විරෝධීව රඳවා ගබා ගැනීම, කෘර සහ අවමන් සහගත ලෙස සැලකීම අදී දෑ ගැන සොයා බලා වැරදි කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් වින්දිතයන්ට සාධාරණයක් කරන ලෙසත් එම සංගමය පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇත.

කොටදෙනියාව පොලිසිය පවත්වාගෙන ගියැයි කියන වෙඩි බෙහෙත් වත්තේ වධකාගාරය ගැන  සොයන ලෙස ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා තිබේ.