කොටදෙණියාව සිසුවාගේ නඩුව ජනවාරියේ


කොටදෙණියාවේ සේයා දැරිය සම්බන්ධයෙන් නිකරුණේ අත්අඩංගුවට ගෙන කොටදෙනියාව පොලිසියේ රඳවා ගනිමින් මානුෂික ලෙස පහර දී මරා දමන බවට තර්ජනය කරමින් තම මූළික අයිතිවාසිකම් කඩකරන ලදැයි පවසමින්  පාසල් සිසුවා ගොනුකළ මූළික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 27 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.

පොලිස් පහරදීමට ලක්වූ සිසුවා රෝහල්ගත වීමෙන් පසු ලබාගත් අධිකරණ වෛද්‍ය වාර්තා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කැරිණි.