කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස පාසල් සිසුවකු රඳවා තබා ගත් බව කියමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (30) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර, සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ගම්පහ නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න, පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති එහි වගඋත්තරකරුවෝ වෙති.
සිසුවා සාධාරණ සැකයෙන් තොරව අත්අඩංගුවට ගෙන දින තුනක් පොලිසියේ රඳවාගෙන පහර දී ඇතැයි තොරතුරු ලැබුණු බව ද ස්ටාලින් මහතා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන්ය.
පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීමේ දී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු අනුගමනය කළ යුතු නිර්ණායක සකස් කරන්නැයි ද ගුරු සංගමය ඉල්ලයි.



