අවමගුල් කටයුතු ලාබෙට කර ගැනීම සඳහා අවමංගල්‍ය ශාලාවක් කොටගල නගරයේ විවෘත කිරීමට තලවකැලේ ලිඳුල සමූපාකාර සමිතිය ගත් උත්සාහය අද අසාර්ථක විය.
මිනී පෙට්ටි 25ක් රැගත් ලොරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිටට ගෙන ආ විට එහි අවමංගල්‍ය ශාලාවක් පැවැත්වීමට විරුද්ධ බව කියමින් පිරිසක් හැට්න් නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කර දෙපැයක පමණ උද්ඝෝෂණයක් කළහ.
විරෝධතාකරුවන් මිනී පෙට්ටිවලට ගිනි තැබීමට සැරැසෙද්දී පොලීසිය පැමිණ එය වැළැක්වීය.
සමූපකාර සමිති සභාපති සුසිල් සේනාරත්න මහතා පැවසුවේ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් මීට විරුද්ධ වන බවයි.
නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් මලර් වාසගම් මහතා කියා සිටියේ සමිති සභාපති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
මේ සිද්ධිය හැටන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.