කහවත්ත කොටකෙතන නයනා නිල්මිනී (52) හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි (18) කපා කොටා ඝාතනයට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ විශේෂ ජූරි සභාවක් ඉදිරියේ ලබන පෙබරවාරි හය වැනි දා විභාගයට ගන්නා ලෙස කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරියට අද නියෝග කළාය.
ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරි හෙවත්අසෝකා සැකකරුවෝ ය.
ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩුව විභාග කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
විනිසුරුවරියට පැවසුවේ විශේෂ ජූරියක් ඉදිරියේ නඩුව විභාග කරන බවයි.
සැකකරුවන් දෙදෙනාගේ දරුවන් දෙදෙනකු ද සාක්කියට කැඳවා ඇත. එම දරුවන්ගේ ඡායාරූප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ නොකරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.