කොටකෙතන දෙන්නෙක් නිදහස්


කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52 ), කාවින්ද්‍යා චතුරංගි (18) ඝාතනයේ සැකකරුවකු වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි සහ ත්‍රීරෝද රියදුරකු වූ ජයසේකර විතානලාගේ සරත් නන්දන ජයසේකර හෙවත් චූටි මල්ලී නීතිපති උපදෙස් අනුව කහවත්ත ප්‍රධාන මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය විසින් අද නිදහස් කරනු ලැබූහ.

2012 ජනවාරි 31 වැනිදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ධර්මසිරි වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියේය.

දැනට මේ නඩුවේ සැකකරුවන් වනුයේ ධර්මසිරිගේ සොයුරු ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා රෂිකා චාන්දනී උදයකුමාරි හෙවත් අශෝකා යන දෙදෙනාය.