කහවත්ත කොටකෙතනේ එල්.ජී.ප්‍රේමවතී (63), එච්.ජී.පුෂ්පකුමාරි (23) 2012 ජූලි 9 වැනිදා මරා දැමීයැයි කියන සිද්ධියේ නඩු තීන්දුව බ්‍රහස්පතින්දා (7) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එම මවත්, දුවත් මරා සිරුරුද ගිනි තැබීයැයි නාමල් චමින්ද සිල්වා, සිසිර කුමාර හා එල්.ජී. මිතිල ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ විභාග වේ.

