කොටකෙනනදී අතුරුදන්වූ කාන්තාවගේ මළ සිරුර මින් ස්වල්ප මොහොතකට පෙර කොටකෙතන ඇළේ තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කහවත්ත, කොටකෙතනදී ඊයේ (5) අලුයම සිට අතුරුදන්වී සිටි චන්ද්‍රානි ස්වර්ණලතා (39) මහත්මියගේ සිරුර මරා දැමීමෙන් පසු නිවසින් පිටතට ගෙන ගොස් දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
එම කාන්තාවගේ නිවසේ හා පොලිසියේ සිට මීටර් 500-600 දුරින් මෙම ඇළ පිහිටියේය.
එම කාන්තාවගේ නිරුවත් සිරුර ගසක මුල් අතර හිරවී ඇති බවත් මුහුණ ඇතුළු සිරුරේ තැනින් තැන සතුන් විසින් කා දමා ඇති බවත් පොලිස් ආරංචි කියයි.
මෙසේ කොටකෙතනදී පසුගිය වසර කිහිපය තුළ සිදුවූ 18 වැනි ඝාතනය මෙයයි.
මීට පෙරද මරා දැමුණු කතකගේ සිරුර මෙම ඇළට දමා තිබුණි. 2014 ඔක්තෝබරයේදීත් කොටකෙතනේ කතක් මරා මේ ඇළටම දමා තිබියදී පොලිසිය සොයාගත්තේය.





