කොටකෙතන කතගේ පුතා සැකපිට


කොටකෙතන  චන්ද්‍රණි ස්වර්ණලතා (32)  ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා ඇගේ 18 හැවිරිදි පුතකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වන  කොළඹ අපරාධ කොට්ඨාසය ඇගේ පුතා  කොටතෙනදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.

ප්‍රශ්න කිරිීම සඳහා ඔහු කොළඹට රැගෙන ආ බවත් ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු සොයා ගත් බවත් පොලීසිය කියයි.

මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහුවරු කරයි.