කොක්මාදුවෙන් දකුණට යා


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුවේ කන්දක් නාය ගිය ස්ථානයේ අනතුරු ඇගවීමේ විදුලි අලෝක හා දැන්වීම් පුවරු සවිකරගෙන යන බව එහි අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පවසයි.

මන්තීරුවක් වසා නැතැයිද ඔහු කියයි.

දකුණු අධිවේගයේ ගාල්ල සිට මාතර බලා යාමේදී කොක්මාදුව නාය ගිය ස්ථානයේ පාරේ වම් පස කේතු තබා යා යුතු මාර්ගය පෙන්වා ඇතැයිද ඔහු කියයි.

මාස කිහිපයක් තිස්සේ අලුත්වැඩියා කටයුතු සිදුවන බවත් ටකරන් වලින් එය ආවරණය කර ඇති බවත් එය කරදරයක් බවත් රියදුරෝ කියති.