කේශා රෝස්ගේ නඩුවට බර වියදම්ලු


ටේලර් ස්විෆ්ට් විසින් ඇගේ මිතුරියක් වන ගායිකාවක සහ ගීත රචිකාවක වන කේශා රෝස් හට ඩොලර් 250,000 මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. එයට හේතුව වන්නේ සංගීත නිෂ්පාදකවරයෙකු වන dr. luke විසින් ගායිකාව වන කේශා රෝස් හට ලිංගික හිංසනයක් සිදුකිරීම යන කාරණාව නිසායි.

2005 වර්ෂයේ සිට dr. luke සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් ඒ හේතුවෙන් කේශාට උසාවිය විසින් පිටතින් ගීතයන් පටිගත කිරීමට තහනම් නියෝගයක්ද පනවා තිබෙනවා. එම තහනම් නියෝගය නැවතත් සලකා බැලීම මගින් පසුගියදා ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

KESHA-2016-02-25-01