
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජය පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස සබරිමලෛ වන්දනා ගමන ප්‍රකාශයට පත් කිරීම හා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් විසින් සෑම වසරකම නොවැම්බර් 1 දින සිට ඊළඟ වසරේ ජනවාරි 31 දක්වා කාලයේ ඉන්දියාවේ කේරළයේ සුප්‍රසිද්ධ සබරිමලෛ අයියප්පන් කෝවිල වන්දනා කරනු ලබයි.
මේ වන විට වාර්ෂිකව ශ්‍රී ලාංකික බැතිමතුන් 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අධ්‍යාත්මික වන්දනා ගමනක් බවට මෙය පත්ව ඇත. ඒ අනුව, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමලෛ අයියප්පන් කෝවිලට ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් විසින් කරනු ලබන වන්දනා ගමන ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

